SAVE ENVIRONMENT FOR OUR FUTURE
Sunday, July 3, 2016
පරිසර සංරක්ෂණය
පරිසර යනු
පරිසර නීතීය යනු
මුල්කාලීනව පරිසරය සම්බන්ධයෙන් ඍජුවම අදාල වන නීතී නොපැවති අතර වෙනත් නීතී ,ප්‍රතිකර්ම ආදිය හරහා පරිසරය ආරක්ෂා කිරිම සිදුවිය.එහෙත් කාර්මික විප්ලවය වැනි ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස ස්වාභාවික පරිසරය විනාශ වන්නට විය.ඒ අනුව තම සංකීර්න අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මිනිසා විසින් පරිසරය යොදා ගැනීමේදි සිදුවන හානිය වළකා පරිසරය ආරක්ෂා කරනු වස් පරිසර නීතීය බිහිවිය.
පරිසර නීතීය පිළිබඳව නිශ්චිත නිර්වචනයක් දීම අසීරු වේ.නමුත් දළ වශයෙන් සඳහන් කරන්නේ නම් පාරිසරික තත්වයන්ට අදාළ කරුණක් පිළිබඳව ඕනෑම නීතීමය පැතිකඩක් පරිසර නීතීය ලෙස සැළකිය හැකිය.ඒ අනුව පරිසර නීතීය වෙනත් බොහෝ නීතීන් හා සම්බන්ධ වන අතර එකී නීතී මගින් පාරිසරික ගැටළු සඳහා පිළියම් යෙදීම සිදුවේ.උදාහරණ ලෙස මානව හිමිකම් නීතීය,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතීය,දීලික්ත නීතීය,පරිපාලන නීතීය,පාරිභෝගික නීතීය ආදිය දැක්විය හැකිය.
පරිසර නීතීය පිළිබඳව සාකච්ඡා කිරිමේදී එය අන්තර්ජාතික හා දේශීය පරිසර නීතීය වශයෙන් හඳුනාගත හැකිය.පරිසර ගැටළුවක් ලොව කොතැනක ඇති වුවත් එය මුළු ලොවටම බලපාන කරුණක් විය හැකිය.ඒ අනුව සියලු මනුෂ්‍ය වර්ගයා තමා අවට පරිසරය පමණක් නොව ලෝක පරිසරය කෙරෙහිද අවධානය යොමු කළ යුතු වේ.ඒ අනුව මුලික වශයෙන් මෙහිදි අන්තර්ජාතික පරිසර නීතීය කෙරෙහි අවධානය යොමු කරයි.
අන්තර්ජාතික පරිසර නීතීයේ මුලාශ්‍ර
අන්තර්ජාතික පරිසර නීතීයේදි වැදගත් වන මුලාශ්‍රයන්
- අන්තර්ජාතික සම්මුති
- සිරිත් විරිත්
- සාමාන්‍ය මූලධර්ම
- අධිකරණ තීරණ
- ගත්කතුවරුන්ගේ ග්රන්ථ හා මත
මෙම මුලාශ්‍රයන් මගින් වර්ධනය වෙමින් බිහිවු අන්තර්ජාතික පරිසර නීතී මූලධර්ම ලෙස වැදගත් මූලධර්මයන් කිහිපයක් හඳුනාගත හැක.
අන්තර්ජාතික පරිසර නීතී මූලධර්ම[සංස්කරණය කරන්න]
- ලෝක පරිසරය සම්බන්ධයෙන් සියලු දෙනාම ඇපකැප විය යුතු බව
- පරිසරය ආරක්ෂා කිරිම සංවර්ධනයෙන් වෙන්කළ නොහැකි කොටසක් බව
- තිරසාර සංවර්ධනය
- පරිසරයට හානි නොකිරීමේ යුතුකම
- දූෂිතයා විසින් වන්දි ගෙවිමේ මූලධර්මය
- නිවාරණ මූලධර්මය
- පොදු වූත් වෙනස් වූත් වගකීම
- පරම්පරා අතර හා ඒ පරම්පරා තුළම සාධාරණත්වය
- සංවර්ධනය වීමට ඇති අයිතිය
- පරිසර අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් එකිනෙකට සමාන බව
- මහජන සහභාගිත්වය හා ඒ හා බැඳුණු අයීතීන්
- පොදු භාර සිද්ධාන්තය
අන්තර්ජාතික පරිසර නීතීයේ වර්ධනීය අවස්ථා[සංස්කරණය කරන්න]
- 1972 ස්ටෝක්හෝම් ප්රකාශනය
- 1982 පරිසරය පිළිබඳ ලෝක න්‍යාය පත්‍රය
- 1987 අපේ පොදු අනාගතය ලෙස බෘන්ට්ලන්ඩ් වාර්තාව එළිදැක්වීම
- 1992 රියෝ ප්රකාශනය
- 2002 ජොහැන්නස්බර්ග් ප්රකාශනය
මෙය මනුෂ්‍ය පරිසරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ප්රකාශනය නම් වේ.පරිසරය රැකීම හා දියුණු කිරිමට ජාත්‍යන්තර නීතීයේ පැවති උත්සහයන් ඒකරාශි කිරීමකි.මෙමගිත් මූලික වශයෙන් අවධානය යොමු කළේ දේශසීමා අතර සිදුවන දුෂණය,සාගර දුෂණය,ජල දුෂණය,වඳවී යාමේ තර්ජනයට ලක්වූ සත්ව කොට්ඨාශ රැක ගැනීමේ අවශ්‍යතාවය,පරිසර කළමනාකරණය සඳහා වූ අවශ්‍යතාවය ආදී කරුණු පිළිබඳවය.තිරසාර සංවර්ධනයේ වැදගත් අවස්ථාවක් ලෙස ස්ටෝක්හෝම් ප්රකාශනය හැඳින්විය හැකිය.මූලධර්ම 26 ප්රකාශනයේ අන්තර්ගතව ඇත.
1.මූලධර්මය
මිනිසාට තම නිදහසට හා සමානාත්මතාවයට ගැලපෙන පරිදි යහපත් හා ගෞරවාන්විත පරිසරයක ජීවත් වීමට අයිතිය ඇත.එසේම වර්තමාන හා අනාගත පරම්පරාවන් වෙත පරිසරය රැකීමේ හා වර්ධනය කිරීමේ බැරෑරුම් සහගත වගකීම මානවයාට ඇත.
2.මූලධර්මය
ශාක හා ජීවීන් උභය පරම්පරාවන්ගේම යහපත තකා මිහිමඩලේ වාතය ජලය පොළව සුරැකිය යුතුය.
5.මූලධර්මය
නැවත ඇතිනොවන ස්වාභාවික සම්පත් පරිහරණයේදි අතිශයින් ප්‍රවේසම් විය යුතුය.
21.මූලධර්මය
රාජ්‍යයන් තමන්ගේ බල ප්‍රදේශ තුළ කෙරෙන ක්‍රියාකාරකම් වලින් වෙනත් රාජ්‍යයන්ගේ දේපලවලට හානියක් නොවන බවට වගබලා ගතයුතුය.
22.මූලධර්මය
රාජ්‍යයන් තමන්ගේ බල ප්‍රදේශ තුළ කෙරෙන ක්‍රියාකාරකම් වලින් බලසීමාවට පිටත ප්‍රදේශවලට ඇතිවන බලපෑම් සඳහා එනම් පරිසර දුෂණයට හා පරිසර හානිවලට පාත්‍ර වූවන්ට වගකීම් හා වන්දි ලබාදීම පිළිබඳව ජාත්‍යන්තර නීතීය වර්ධනය කළයුතුය.
1992 රියෝ ප්රකාශනය
එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ වැඩසටහන නම් වේ.බෘන්ට්ලන්ඩ් කොමිසම මගින් එළිදැක්වු අපේ පොදු අනාගතය යන වාර්තාව මීට ප්‍රබල ලෙස දායක විය.පරිසරය විනාශ නොකරමින් අත් කර ගන්නා සැබෑ සංවර්ධනය පිළිබඳ සංකල්පය හා තිරසාර සංවර්ධනය පිළිබඳ සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු ආකාරය කෙරෙහි අවධානය යොමු කරන ලදි.21වන සියවසේ පරිසර ආරක්ෂාව සංවර්ධනය සඳහා යෝජනාවන් ඉදිරිපත් කර ඇත.මේ යෝජනා අතර සමාජ ආර්ථික කරුණු,සංවර්ධනය සඳහා සම්පත් සංරක්ෂණය හා කළමනාකරණය,ප්‍රධාන කණ්ඩායම් ශක්තිමත් කිරීම හා ක්රියාවේ යෙදවීමේ උපාය මාර්ග යනාදිය වේ.මූලධර්ම 27 ප්රකාශනයේ අන්තර්ගතව ඇත.
1.මූලධර්මය
මානවයා ස්වාභාව ධර්මයා සමග සහජීවනයෙන් යුත් නීරෝගි හා ඵලදායි ජීවිතයකට හිමිකම් දරයි.
2.මූලධර්මය
රාජ්‍යයන්ට ස්වාභාවික සම්පත් භාවිත කීරීමේ පරමාධිපත්‍යය බලය ඇති බව පිළිගන්නා අතර එකි බලතල භාවිතයේදි දේශයෙන් පිටත පරිසරයට හානි සිදු නොවීමට වගබලා ගතයුතුය.
3.මූලධර්මය
සංවර්ධනයට ඇති අයිතිය ක්‍රියාත්මක විය යුත්තේ පරම්පරා අතර සමානාත්මතාවය පිළිබඳව මූලධර්මය සුරැකෙන ලෙසයි.
4.මූලධර්මය
පරිසරය හා සංවර්ධනය එකිනෙකින් වෙන්කළ නොහැක.
5.මූලධර්මය
දරිද්‍රතාව තුරන් කිරීම තිරසාර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය කරුණකි.
8.මූලධර්මය
රාජ්‍යයන් තමන්ගේ දැරිය නොහැකි අනවශ්‍ය නිෂ්පාදන හා පාරිභෝජන රටා පිටුදැකිය යුතුය.
9.මූලධර්මය
පරිසරයට හිතදායි වූ නවීන විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම එකිනෙකා සමග නිර්ලෝභීව හුවමාරු කර ගැනීමට රජයන් කටයුතු කළයුතුය.
10.මූලධර්මය
ජාතික මට්ටමෙන් පරිසර නීති හඳුන්වා දීම ,පරිපාලන හා අධිකරණ ක්ෂේත්‍ර දියුණු කිරීමට කටයුතු කළයුතුය.
18.මූලධර්මය
දේශසීමාවෙන් ඔබ්බට විහිද යන ස්වාභාවික හෝ වෙනත් පරිසර ව්‍යසනයකදි අසල්වැසි රටවල් දැනුවත් කිරීම.
තිරසාර සංවර්ධනය උදෙසා කාන්තාවන් හා තරුණ පරපුර සහභාගි කරගත යුතුය.
22.මූලධර්මය
ආදිවාසික ස්වදේශික ජනතාවද ඔවුන්ගේ පාරම්පරික දැනුම හා වැදගත් සම්ප්රදායන්ද තිරසාර සංවර්ධනය ඇතිකිරීමට ඉවහල් වේ.
2002 ජොහැන්නස්බර්ග් ප්රකාශනය
පරිසරය හා සමාජීය අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු කරන ඇත.ඒ අනුව ප්‍රධාන අංග 5 වැදගත් ලෙස සළකා ඇත.එනම් ජලය හා සනීපාරක්ෂාව,ශක්ති පරිභෝජනය හා නිෂ්පාදනය,කෘෂිකාර්මික ඵලදායිතාව,ජෛව විවිධත්වය හා පරිසර ප්රඥප්ති හා කළමනාකරණය යන කරුණුය.
වැදගත් පරිසර ප්රඥප්තින් කිහිපයක්[සංස්කරණය කරන්න]
ජෛව විවිධත්ව ප්රඥප්තිය
ජෛව විවිධත්වයත් ජානමය සම්පත් විශේෂයන් හා ජීවින්ගේ අවට පරිසරය අධ්‍යයනය කිරීමත් ඒවා සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමත් මෙහි අරමුණ වේ.මෙමගින් රටවල් විසින් තම අනාගත සංවර්ධනයට යොදාගන්නා ක්‍රියාකාරකම් මගින් ජෛව විවිධත්ව සංරක්ෂණයට දායකත්වයක් ලබාගැනීම තහවුරු කිරීමට අවශ්‍ය පියවරයන් හඳුනාගැනීමට අපේක්ෂිතය. ප්රඥප්තිය යටතේ ඉටුකළ යුතු අනෙකුත් කාර්යයන් අතර සංරක්ෂණය කළයුතු හා තිරසාර ලෙස භාවිත කළයුතු ජෛව විවිධත්වයේ වැදගත් කොටස් හඳුනාගැනීම හා අධීක්ෂණය,ජෛව විවිධත්වයෙන් පොහොසත් ප්‍රදේශ ආරක්ෂිත ප්‍රදේශ වශයෙන් සංරක්ෂණය කිරීම,තර්ජනයට ලක්වූ ජීවීන් ආරක්ෂා කිරිම,ජෛව විවිධත්වය තිරසාර ලෙස භාවිත කිරීමට අතීතයේ සිටම ඉවහල් වුනු පාරම්පරික දැනුමට ගරු කිරීම,එම දැනුම ආරක්ෂා කිරිම හා පවත්වා ගැනීම,සංරක්ෂණ කටයුතු සඳහා ජනතා සහයෝගය ලබා ගැනීම,ජෛව විවිධත්වය හා එය රැකගැනීමේ වැදගත්කම පිළිබඳ ජනතාවට අවබෝධය ලබාදීම යන කාර්යයන් ප්‍රමුඛතාවයෙහි ලා සැලකේ.
හරිතාගර වායු සාන්ද්‍රණය අධික වීම හේතුකොටගෙන ගෝලීය උණුසුම වැඩිවීම හා මුහුදු මට්ටම ඉහළ යාම පිළිබඳව හා එමගින් වන බලපෑම අවම කිරිමට කටයුතු කිරිම මේ සම්මුතියේ අරමුණ වේ.1991 දී බ්‍රසීලයේ රියෝ සමුළුවේදි රටවල් 150 වැඩි ගණනක් මෙම ප්රඥප්තියට අත්සන් කරනලදි.
මෙහි ප්රඥප්තිය ක්‍රියාත්මක වන්නේ තෝරාගත් සත්ව හා ශාක විශේෂවල වෙළදාම පාලනයට යටත් කිරීම මගිනි.මෙවැනි විශේෂයන් ආනයනය,අපනයනය, ප්‍රතිඅපනයනය,පාලනය කිරීම යන සියළු කටයුතු ප්රඥප්තියට අනුකූලව බලපත්‍ර ලබාදීමේ ක්‍රමයකට භාජනය කිරීම මගිනි.ප්රඥප්තියෙන් ආවරණය වන ජීවීන්ට සැලසිය යුතු ආරක්ෂාවේ ප්‍රමාණය අනුව ඔවුන් උප ලේඛන තුනකින් එකකට ඇතුලත් කෙරේ.පළමු උප ලේඛනයට ඇතුලත් වන්නේ වඳවීමේ තර්ජනයට ලක්වි සිටින ජීවීන්ය.මොවුන්ගේ වෙළදාමට අවසර ලැබෙන්නේ ඉතා සුළු වශයෙනි.දෙවැනි උප ලේඛනයට ඇතුලත් වන්නේ වඳවීමේ තර්ජනයට මුහුණ දී නැතිමුත් ඔවුන්ට වෙළදාම නිසා විය හැකි තර්ජනයන් වැලැක්වීම සඳහා වෙළදාම යම් සීමාවන්ට යටත් කළ යුතු ජීවින්ය.තුන්වැනි උප ලේඛනයට ඇතුලත් වන්නේ ප්රඥප්තියේ එක් සාමාජීක රටක ආරක්ෂිත ජීවියෙකුගේ වෙළදාම පාලනය කිරීමට අනෙකුත් රටවල සහය අවශ්‍ය බවට එම රටින් කරන ඉල්ලීමක් මත ආරක්ෂා කරනු ලැබු ජීවියෙකි.
මේ සම්මුතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ තෙත් බිම්වල ඇති මූලික ආර්ථිකමය සංස්කෘතිමය ,විද්‍යාත්මක,හා විනෝදාත්මක අගයන් හඳුනාගැනීමත් ඒවා සංරක්ෂණයට කටයුතු කිරීමත් තෙත් බිම් විනාශ වීමෙන් සදහටම තුරන් වීම වැළැක්වීමත්ය.
තම දේශසීමාවේ වු ජාතික වශයෙන් වැදගත් වන්නාවු ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් නිරතුරුව ආරක්ෂා කිරිමට මෙමගින් සෑම රටක්ම බැඳි සිටියි.
ශ්‍රී ලංකාවේ ශාක සහ සතුන්
විවිධත්වය සහ ආවේණිකත්ය අතින් ශ්‍රී ලංකාවේ ශාක සංහතිය ඉහළ අගයක් ගනී.[6] ශ්‍රී ලංකාවේ ගණ 1,502කට අයත් සපුෂ්පක ශාක 3,210ක් ඇත්තේය. විශේෂ 916 සහ ගණ 18 ක් දිවයිනට ආවේණික වේ. මීට අමතරව දිවයිනෙහි ඇති හොර කුලයේ ශාක විශේෂ 55 න් එකක් හැර අනෙක්වා සියල්ලම ශ්‍රී ලංකාවට සීමා වේ. මෑතකදී අගය නො කරන ලද මුත් ශ්‍රී ලංකාවේ මීවන ප්‍රමාණය 350 ක් පමණ වේ. සියළු ජීවී කාණ්ඩවල විවිධත්වය, සාරවත්භාවය, සහ ආවේණිකත්ය අතින් තෙත් කලාපය වියළි කලාපයට වඩා ඉතා ඉදිරියෙන් සිටියි. තෙත් කලාපය, භූමි ප්‍රමාණයෙන් දිවයිනෙන් හතරෙන් එකක් වන නමුත් සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 88කට සහ ආවේණික සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 95 කට රැකවරණය සළසයි.
ශ්‍රී ලංකාවේ කුරුළු සම්පත
ශ්‍රී ලංකාව තුල කුරුළු වර්ග 375ක් පමණ දක්නට හැකිය. මින් වර්ග 23ක් ශ්‍රී ලංකාවට ආවේණික ලෙස සැළකේ. කුරුළු වර්ග 208ක් සංචාරක කුරුල්ලන් ලෙස හඳුනාගෙන ඇත. මෙරට දක්නට ලැබෙන කුරුල්ලන්ගෙන් 128ක් ජලාශ්‍රිත කුරුල්ලන් වන අතර ඉන් 34ක් මුහුදුබඩ වසන මුහුදු කුරුල්ලන් වේ. ගොඩබිම වසන කුරුල්ලන් 232ක් හඳුනාගෙන ඇත.
ලංකාව තුල දකින්නට ලැබෙන කුරුල්ලන්ගෙන් වර්ග තුනක් ජාත්‍යන්තර සංරක්ශණ ආයතනය ප්‍රකාශයට පත්කරන වඳවීයාමේ තර්ජනය ඇති රතු ලයිස්තුවට [Red List - International Union for Conservation of Nature - IUCN] අනුව දැඩිලෙස තර්ජනයට [Critically Endangered] ලක්ව ඇති කුරුල්ලන්ය. කෙසේ වෙතත් මේ කුරුල්ලන් තිදෙනා ආවේණික කුරුල්ලන් නොව, සංචාරක කුරුල්ලන්වේ.
අපට ආවීණික පක්ෂි වර්ග තුනෙන්, වර්ග දෙකක් තර්ජනයට ලක්ව ඇතැයි [Endangered] ලයිස්තුගත කොට ඇති අතර තවත් කුරුළු වර්ග දහයක් අණතුරු සීමාවේ [Vulnerable] සිටින සතුන්වේ. එමෙන්ම තවත් වර්ග 22ක් වඳවීමේ තර්ජනයට බඳුන්වීමේ හැකියාව [Near Threatened] ඇති පක්ෂීන්වේ. කෙසේ වෙතත් දැඩි තර්ජනයට බඳුන්ව රතු ලයිස්තුවේ ඉහලින්ම සිටින පක්ෂීන් තිදෙනාම ශ්‍රී ළංකාවට ආවේණික පක්ෂීන් නොව, මෙහි පැමිණෙන සංක්‍රමණික කුරුළුවර්ග වේ
.[7ශාක සම්පත
යම් පරිසර පද්ධතියකට උවමනාවෙන් හෝ අහඹු ලෙස කිසියම් ආගන්තුක ශාඛ විශේෂ හදුන්වාදීම ද සිදුවිය හැක. ලොව පුරා පරිසර පද්ධතීන්වලට හානි ගෙනෙන මේ ක්‍රියාවලිය අපේ රටට ද බලපා ඇත. ලෝක සංරක්ෂක සංගමයේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට ආගන්තුක ආක්‍රමණශීලී ශාඛ විශේෂ ගනණාවක් ඇතුලත් වී ඇති බව සොයාගෙන ඇත. අප නිවෙස් වල ඇති කරන විසිතුරු පැළැටි රැසක් ද මෙ අතරට ඇතුලත්ය. එවැනි විශේෂ 38 ක් මේ වන විට සොයා ගෙන ඇති අතර පරිනාංග විශේෂ 2ක් ද, ඒක බීජ පත්‍රී පැළැටි 2ක් ද, ද්වි බීජ පත්‍රී පැළැටි 34ක් ද මෙයට අයත් වේ. මේ අතරට ලොව දරුණුමආක්රමණශීලී ශාඛ 100කට අයත් ශාඛ ද මෙයට ඇතුලත් වේ.
plants and animals in Sri Lanka
Mammals
Sri Lanka is home to roughly 123 species of mammals, 41 of which are threatened (9 critically). 16 of the species are endemic, of which 14 are threatened,[2] including the large sloth bear. mammalian orders), with 30 different species. Sri Lanka's surrounding waters are home to 28 species of Cetaceans.
Reptiles
Sri Lanka currently contains 173 species of reptiles, of which 56 are threatened and 103 are endemic. Most of the reptiles are snakes and the largest are two species of crocodile, the mugger crocodile and saltwater crocodile.[2]
Amphibians
Sri Lanka has one of the richest diversity of amphibians in the world, containing over 140 species of amphibians up to 2015, with 109 endemic species.[2] and has been claimed to have the highest amphibian species density in the world[3] though that has been challenged.[4] 52 species of amphibians in Sri Lanka are threatened, all but one of which are endemic.
Birds
Sri Lanka is home to 227 species of birds (though some past estimates put it as high as 486[5]), 46 of which are threatened (10 critically).[2]
Fish
Cherry barb (puntius titteya) is a tropical fish which is native to Sri Lanka, but introduced populations are established in Mexico and Colombia.
Sri Lanka contains 93 species of freshwater fish, and 50 of which are endemic to the country. 28 species are categorized as threatened by IUCN.[2] There are 8 species of brackish water fish that also come to freshwater, and 24 introduced exotic fish species.
Insects
Insects belonging to all 32 orders except Grylloblattodea have been recorded from the Sri Lanka.
Minor insects
Main article: List of Ephemeropterans of Sri Lanka
Main article: List of Orthopterans of Sri Lanka
Main article: List of cockroaches of Sri Lanka
Main article: List of Hemipterans of Sri Lanka
Main article: List of termites of Sri Lanka
Main article: List of phasmids of Sri Lanka
Main article: List of mantids of Sri Lanka
Main article: List of Dermapterans of Sri Lanka
Main article: List of lacewings of Sri Lanka
Main article: List of minor insects of Sri Lanka
The exact species for other orders is still not classified and documented. Walker on 1861, listed 2,007 species belongs to 9 insect orders and Haly on 1890 identified 1,510 beetle species from Sri Lanka. However, after series of many publications from many foreign entomologists, Two Sri Lankan entomologists, Anura Wijesekara and D.P Wijesinghe precisely documented 11,144 insect species belongs to 30 orders from Sri Lanka in 2003.
Hubbard and co-workers documented 46 species in 8 families of order Ephemeroptera. Henneman in 2002 recorded 69 species in order Orthoptera. He also collected few specimen of order Phasmatodea around central hills. 66 species of orderBlattodea are found, but not taxonomic evidences. Few species of the order Mantodea were studies by Henry in 1931. Clear documentation of the species within Dermaptera can be found, which was initiated by Burr (1901) and Brindle (1972). Within the termite infraorder Isoptera, 56 species recorded. In 1913, Green compiled a concise catalogue for isopterans in Sri Lanka.[7]
Subscribe to:
Comments (Atom)