Sunday, July 3, 2016

ශ්‍රී ලංකාවේ ශාක සහ සතුන්

විවිධත්වය සහ ආවේණිකත්ය අතින් ශ්‍රී ලංකාවේ ශාක සංහතිය ඉහළ අගයක් ගනී.[6] ශ්‍රී ලංකාවේ ගණ 1,502කට අයත් සපුෂ්පක ශාක 3,210ක් ඇත්තේය. විශේෂ 916 සහ ගණ 18 ක් දිවයිනට ආවේණික වේ. මීට අමතරව දිවයිනෙහි ඇති හොර කුලයේ ශාක විශේෂ 55 න් එකක් හැර අනෙක්වා සියල්ලම ශ්‍රී ලංකාවට සීමා වේ. මෑතකදී අගය නො කරන ලද මුත් ශ්‍රී ලංකාවේ මීවන ප්‍රමාණය 350 ක් පමණ වේ. සියළු ජීවී කාණ්ඩවල විවිධත්වය, සාරවත්භාවය, සහ ආවේණිකත්ය අතින් තෙත් කලාපය වියළි කලාපයට වඩා ඉතා ඉදිරියෙන් සිටියි. තෙත් කලාපය, භූමි ප්‍රමාණයෙන් දිවයිනෙන් හතරෙන් එකක් වන නමුත් සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 88කට සහ ආවේණික සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 95 කට රැකවරණය සළසයි. 


ශ්‍රී ලංකාවේ කුරුළු සම්පත

ශ්‍රී ලංකාව තුල කුරුළු වර්ග 375ක් පමණ දක්නට හැකිය. මින් වර්ග 23ක් ශ්‍රී ලංකාවට ආවේණික ලෙස සැළකේ. කුරුළු වර්ග 208ක් සංචාරක කුරුල්ලන් ලෙස හඳුනාගෙන ඇත. මෙරට දක්නට ලැබෙන කුරුල්ලන්ගෙන් 128ක් ජලාශ්‍රිත කුරුල්ලන් වන අතර ඉන් 34ක් මුහුදුබඩ වසන මුහුදු කුරුල්ලන් වේ. ගොඩබිම වසන කුරුල්ලන් 232ක් හඳුනාගෙන ඇත.

ලංකාව තුල දකින්නට ලැබෙන කුරුල්ලන්ගෙන් වර්ග තුනක් ජාත්‍යන්තර සංරක්ශණ ආයතනය ප්‍රකාශයට පත්කරන වඳවීයාමේ තර්ජනය ඇති රතු ලයිස්තුවට [Red List - International Union for Conservation of Nature - IUCN] අනුව දැඩිලෙස තර්ජනයට [Critically Endangered] ලක්ව ඇති කුරුල්ලන්ය. කෙසේ වෙතත් මේ කුරුල්ලන් තිදෙනා ආවේණික කුරුල්ලන් නොව, සංචාරක කුරුල්ලන්වේ.
Image result for වදවී යන ශාක
අපට ආවීණික පක්ෂි වර්ග තුනෙන්, වර්ග දෙකක් තර්ජනයට ලක්ව ඇතැයි [Endangered] ලයිස්තුගත කොට ඇති අතර තවත් කුරුළු වර්ග දහයක් අණතුරු සීමාවේ [Vulnerable] සිටින සතුන්වේ. එමෙන්ම තවත් වර්ග 22ක් වඳවීමේ තර්ජනයට බඳුන්වීමේ හැකියාව [Near Threatened] ඇති පක්ෂීන්වේ. කෙසේ වෙතත් දැඩි තර්ජනයට බඳුන්ව රතු ලයිස්තුවේ ඉහලින්ම සිටින පක්ෂීන් තිදෙනාම ශ්‍රී ළංකාවට ආවේණික පක්ෂීන් නොව, මෙහි පැමිණෙන සංක්‍රමණික කුරුළුවර්ග වේ
.[7

ශාක සම්පත

Image result for වදවී යන ශාක]පරිසර පද්ධතියකට ස්වාභාවිකව හෝ හිතාමතාම ආගන්තුකයන් ඇතුලත් කිරිමේදී එහි සමබරතාවය බිදි යයි. සියුම්ව හා සමබරව පවත්වාගෙන යනු ලබන පරිසර පද්ධතියකට වෙනත් ආසාදිත ශාඛ හෝ සත්ව විශේෂ ඇතුල් විම නිසා පරිසර පද්ධති තුල පවතින ජෛව විවිධත්වයට විශාල හානියක් සිදුවෙයි. ලොව පුරා සිටින ජීවී විදයාඥයන්ගේ පර්යේශන වලට අනුව එක් එක් ප්‍රදේශ වලට ආගන්තුක ආක්‍රමණශීලී ශාඛ හෝ සත්ව විශේෂ ගණනාවක් ඇතුළු වි ඇත. පරිසර පද්ධතියක සමබරතාවය පවත්වා ගැනිමට ප්‍රධාන කටයුක්තක් ඉටු කරන්නේ ශාඛ තුලින්ය. නමුත් මෙම ශාඛ අතර පරිසර පද්ධතිය විනාශ කරන ශාඛ රැසක් ද පවතින බව ජීව විද්‍යාඥයින් මේ වන විට හදුනාගෙන ඇත.
යම් පරිසර පද්ධතියකට උවමනාවෙන් හෝ අහඹු ලෙස කිසියම් ආගන්තුක ශාඛ විශේෂ හදුන්වාදීම ද සිදුවිය හැක. ලොව පුරා පරිසර පද්ධතීන්වලට හානි ගෙනෙන මේ ක්‍රියාවලිය අපේ රටට ද බලපා ඇත. ලෝක සංරක්ෂක සංගමයේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට ආගන්තුක ආක්‍රමණශීලී ශාඛ විශේෂ ගනණාවක් ඇතුලත් වී ඇති බව සොයාගෙන ඇත. අප නිවෙස් වල ඇති කරන විසිතුරු පැළැටි රැසක් ද මෙ අතරට ඇතුලත්ය. එවැනි විශේෂ 38 ක් මේ වන විට සොයා ගෙන ඇති අතර පරිනාංග විශේෂ 2ක් ද, ඒක බීජ පත්‍රී පැළැටි 2ක් ද, ද්වි බීජ පත්‍රී පැළැටි 34ක් ද මෙයට අයත් වේ. මේ අතරට ලොව දරුණුමආක්‍රමණශීලී ශාඛ 100කට අයත් ශාඛ ද මෙයට ඇතුලත් වේ.

No comments:

Post a Comment