පරිසර රැකගන්නේ කෙසේද
පරිසර රැකගන්නේ කෙසේද
ලෝකයේ පරිසරික ආරක්ෂාව මුල්කර ගනිමින් අප්‍රේල් මස 22 වන දින ලොව පුරා ලෝක මිහිකත දිනය සමරනු ලබයි.
1970 වර්ෂයේ මාර්තු මස 21 වැනි දින යුනෙස්කෝ සමුළු සාම නියෝජිතයකු වූ ජෝන් මැක්කෙනල් පෘතුවියට ගෞරව කිරීමක් වශයෙන් මෙම දිනය යෝජනා කර තිබේ. එම යෝජනාව අනුව සෙනට් සභික ගොල්ඩ් නෙල්සන්ට අනුව සෑම වසරකම අප්‍රේල් මස 22 වන දින ලෝක මිහිකත දිනය ලෙස සම්මත විය.
පරිසරය හා සොබාව සෞන්දර්යය, මිහිකත ජීවීන්ගේ සුරක්ෂිත භාවය ආදී සංකල්පයන් මත මිහිකත දිනය ඇරඹි අතර එමඟින් මිහිතලය සුරැකීම සහ සංරක්ෂණය පෙන්වා දෙනු ලබයි.
ලෝකයේ බොහෝ රටවල් සංඛ්‍යාවක් සමරණ මිහිකත දිනය සඳහා නව ගස් රෝපණය කිරීම ප්‍රමුඛතාවයක් ගනී. පරිසර දූෂණයේ අහිතකර බලපෑම් පිළිබඳව ජනතා දැනුවත් කිරීමත්, මතු පරපුර උදෙසා පෘතුවිතලය රැකගන්නේ කෙසේද යන්න ලෝකයා දැනුවත් කිරීම මෙයින් අපේෂිතය.
මෙවර මිහිකත දිනයේ දීත් ලෝක ජනගහණයට සමානව නව පැළෑටි බිලියන 7.8ක් මිහිතලයට තුල රෝපණය කිරීම අරමුණු කරගෙන තිබේ. ලෝකයේ එක් පුද්ගලයෙක් එක් පැළෑටියක් රෝපණය කල හොත් මේ අරමුණ ඉටුකර ගැනීම එතරම් අපහසු කටයුත්තක් නෙවේ. ඔබත් ලෝක මිහිකත දිනයේ දී පැලයක් සිටුවා. මිහිතලය සුරැකීමේ ඔබේ වගකීම ඉටුකරන්න, දැන්ම අරඹන්න.
පරිසරයට ආදරය කරමු
No comments:
Post a Comment